දඩමස් ජාවාරම්කරුවන්ගෙන් වනජීවි නිලධාරීන්ට ප්‍රහාරයක්

Tuesday, 16 January 2018 - 12:36

%E0%B6%AF%E0%B6%A9%E0%B6%B8%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පොළොන්නරුව - හබරණ - හුරුළු පාරිසරික උද්‍යානයේ වැටලීමක් සඳහා ගිය වනජීවි නිලධාරීන්ට කිසියම් පිරිසක් විසින් පහරදී තිබෙනවා.

ඊයේ (15) සිදුවූ මෙම පහරදීමෙන් තුවාල ලැබූ වනජීවි නිලධාරීන් දෙදෙනෙකු හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දඹුල්ල රෝහලට මාරු කර යවා ඇති බව සඳහන්.

හුරුළු පාරිසරික උද්‍යානයේ දීර්ඝ කාලයක සිට සිදුවන දඩමස් ජාවාරමක් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා රිටිගල වනජීවි ඒකකයේ නිළධාරීන් මෙම වැටලීමට එක්ව සිටියා.  

කෙසේවෙතත්, දඩමස් රැගෙන එම ජාවාරම්කරුවන් වන උද්‍යානයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී වනජීවි නිලධාරීන් මඟ හරස් කර තිබෙනවා.

එහිදී ජාවාරම්කරුවන්, වනජීවි නිලධාරීන්ට පහර දී ඇති අතර, එලෙස පහරකෑමට ලක්වී එක් වනජීවි නිලධාරියෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

පහරදීම සිදුවන අවස්ථාවේදීම වනජීවි නිලධාරීන් විසින් සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන හබරන පොලීසියට භාර දී තිබෙනවා.

කෙසේ වෙතත්, රිටිගල වනජීවි ඒකකය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් මුදා හැරීමට හබරන පොලීසිය ක්‍රියා කර ඇති බවයි.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories