ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේදී පොරොන්දු වූ කරුණු කිසිවක් ශ්‍රී ලංකාව මෙතෙක් ඉටු කර නැතැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මෙරට ඇමරිකානු තානාපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.
ඒ, තානාපති අතුල් කේශප් සමඟ ඊයේ (15) කොළඹ පැවැති සාකච්ඡාවකදියි.
එහිදී උතුර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ජිනිවා මානව හිමිකම් මණ්ඩලයෙන් ලක් රජය වෙත ලබාදී ඇති නිර්දේශ ඇමරිකාව විසින් නැවත සිහි ගැන්විය යුතු බවයි.
ලබන මාර්තු මාසයේ පැවැත්වෙන ජීනිවා මානව හිමිකම් මණ්ඩලයේ 37 වන සැසි වාරයට පෙර අදාළ නිර්දේශ ඉටු කරන ලෙස බල කරන්නැයි උතුර ප්‍රධාන අමාත්‍යවරයා ඇමරිකානු තානාපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
එමෙන්ම එම නිර්දේශ ඉටු නොකළහොත් ගනු ලබන ක්‍රියාමාර්ග ඉතා පැහැදිලි විය යුතු බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.
රජය නව ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් උතුරු - නැගෙනහිර අර්බුදයට විසඳුම් රැසක් ලැබෙන බව ප්‍රකාශ කළ ද මෙතෙක් එවැනි ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබද බලාපොරොත්තු තැබිය නොහැකි වී ඇති බවයි උතුරේ ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සඳහන් කළේ.
මේ අතර, උතුර - නැගෙනහිර පළාත්වල පවතින ගැටළුවලට විසදුම් ලබා ගැනීමේදී ඉන්දීය රජය ඒ පිළිබද දක්වන සැලකිල්ල ප්‍රමාණවත් නොවන බව උතුර ප්‍රධාන අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සිං සන්ධු හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
ප්‍රධාන අමාත්‍යවරයා, ඉන්දීය මහකොමසාරිස්වරයා හමුවී ඇත්තේ කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදීයි.
උතුර - නැගෙනහිර පළාත් වෙන් කිරීම අධිකරණ නියෝගයක් මත සිදුවුවද ඒ සඳහා ඉන්දියාවට මැදිහත්වීමට ඉඩ තිබූ බව උතුර ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන්, ඉන්දීය මහකොමසාරිස්වරයා වෙත පෙන්වා දී තිබෙනවා.

Follow US
Most Viewed Stories