සිව් දෙනෙකු පිහි ඇණුම් කෑ අනියම් ඇසුර

Tuesday, 16 January 2018 - 12:47

%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%87%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%91+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%87%E0%B7%83%E0%B7%94%E0%B6%BB
සිව් දෙනෙකුට පිහියකින් ඇණ තුවාල සිදුකළ බව කියන සැකකරුවෙකුව ඊයේ (15) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පල්ලම පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර බිරිඳ, බිරිඳගේ අනියම් සැමියා, බිරිඳගේ මව සහ බිරිඳගේ සහෝදරියකට සැකකරු මෙලෙස පිහියෙන් ඇණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුගිය 14 වනදා රාත්‍රියේ පල්ලම පොලිස් වසමේ විල්පත ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පිහි ඇණුමෙන් තුවාල ලැබූ සිව්දෙනා ප්‍රතිකාර සදහා හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සැකකරුගේ බිරිඳ යුධ හමුදා සෙබළෙකු සමඟ පැවැත්වූ අනියම් ඇසුරක් නිසා මෙම පිහි ඇණුම සිදුකර ඇති බව සඳහන්.

14 වනදා සවස සැකකරුගේ බිරිඳ ඇයගේ මවගේ නිවසට ගොස් ඇති අතර එහිදී රාත්‍රී කාලයේ ඇය අනියම් සැමියා මුණගැසී තිබෙනවා.

මෙම මුණගැසීම පිළිබඳව දැනගත් කාන්තාවගේ සැමියා එම නිවසට පැමිණ අනියම් සැමියා පැමිණි යතුරුපැදිය ගිනි තබා විනාශ කර පසුව නිවස තුළ සිටි සිව්දෙනාට පිහියෙන් ඇණ පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පෙදරේරුවෙකු වන අතර ඔහු අද (15) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පල්ලම පොලිසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories