වැරදුන මරංචි ජාවාරම

Wednesday, 17 January 2018 - 20:00

%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1+%E0%B6%B8%E0%B6%BB%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8
නිධානයකින් ලබාගත් බව පවසා ව්‍යාජ මැණික් හා රත්‍රං කාසි ලබාදෙන මරංචි ජාවාරම මෙතෙක් කලක් ක්‍රියාත්මක වූයේ ධනවත් ව්‍යාපාරිකයන් ඉලක්ක කරගෙනයි.

එහෙත් ඊයේ හිරු සී.අයි.ඒ. හරහා අප හෙළි කළේ මේ වන විට බෞද්ධ භික්ෂූන්වහන්සේ ඉලක්ක කර නව මුහුණුවරකින් එම ජාවාරම යළි කරළියට පැමිණ ඇති බවයි.

කඩවත ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් හිරු සී.අයි.ඒ. වෙත ලබාදුන් තොරතුරු අනුව පසුගියදා අප අනුරාධපුර, මහඉලුප්පල්ලම රජයේ බීජ නිෂ්පාදන ගොවිපල ආශ්‍රිත ගම්මානයේදී ජාවාරම්කරුවන් හමුවුණා.

ඔවුන් එහිදී නිධානයකින් ලැබුණු බව පවසමින් ව්‍යාජ මැණික් ගල් දෙකක් මෙලෙස පෙන්වා සිටියා.

මේවා පරීක්ෂා කිරීමට පැමිණෙන්නන්ගේ විශ්වාසය තහවුරු කරගැනීම සඳහා විවිධ මුසාබස් පවසන ජාවාරම්කරුවන් නිධානය ලබාගැනීමෙන් අනතුරුව තම පියා සිහි මද ගතියට පත්ව ඇති බවද පවසා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories