විදුලි සේවකයන් අඛන්ඩ වර්ජනයක

Thursday, 18 January 2018 - 7:25

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9B%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A
විදුලි සේවකයන් පිරිසකගේ ග්‍රහණයේ සිටි විදුලිබල මණ්ඩල සභාපතිවරයා මුදාගැනීමට පොලිස් කැරළි මර්දන ඒකකය සහ විශේෂ කාර්ය බලකාය මැදිහත්වීමත් සමග ඊයේ (17) රාත්‍රියේ විදුලිබල මණ්ඩල මුලස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

එහිදී තමන්ට පහරදීමක්ද සිදුවූ බවයි විදුලි වෘත්තිය සමිති හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ඊට විරෝධය පළ කරමින් අද (18) පෙරවරු 9 සිට දීපව්‍යාප්ත අඛන්ඩ වර්ජනයක් ආරම්භ කරන බවද වෘත්තිය සමිති ප්‍රකාශ කළා.

පාලනාධිකාරියට පමණක් වැටුප් වැඩිකිරීමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිරිසක් කොළඹ පිහිටි එම මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඊයේ වටලනු ලැබුවා.

අනතුරුව විරෝධතාකරුවන් සභාපතිවරයා රැඳී සිටින නිල කාමරයට ඇතුළු වී පැය 05 කට අධික කාලයක් ඔහු එහි බලහත්කාරයෙන් රඳවාගෙන සිටියා.

පසුව වෘත්තිය සමිති නියෝජිතයින් විසුරුවා හැර, එහි සිටි පිරිස ගලවාගැනීම සඳහා පොලීසිය, කැරළි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ රාත්‍රියේ කටයුතු කළා.  

මෙම සිද්ධියෙන් පසුව තුවාල ලැබූ විරෝධතාවට එක්ව සිටි සේවකයින් 05 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළා.

මෙම පහරදීමට විරෝධය පළ කරමින් අද උදෑසන 09 සිට අඛන්ඩ වර්ජනයක නිරතවන බවයි විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් කියා සිටියේ.

කෙසේ වෙතත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ  ඕනෑම වර්ජනයකට මුහුණදීමට සුදානම් බවයි.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories