අද ගමින් ගමට හිරු - නාරම්මලට

Thursday, 18 January 2018 - 8:23

%E0%B6%85%E0%B6%AF+%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+-+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%BD%E0%B6%A7
රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 03 වන අදියර කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මේ වනවිට ක්‍රියාත්මක වනවා.

ඒ අනුව හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ (17) ක්‍රියාත්මක වූයේ කුරුණෑගල - කුලියාපිටිය - මඩකුඹුරුමුල්ල - වැරැල්ලන මංසන්ධියේදියි.

හිරු ගමින් ගමට වැඩසටහන අද (18) පැවැත්වෙන්නේ නාරම්මල - දොස්තරවත්ත පොදු ක්‍රීඩාංගණයේදියි.

මෙම වැඩසටහනට එක්වන ජනතාවට හිරු ජංගම මැදිරිය නරඹා සජීවීව වැඩසටහන් සමඟ සම්බන්ධවීමටද අවස්ථාව සැලසීම විශේෂත්වයක්.

එසේම ත්‍යාග රැසක් ඔවුන් වෙත බෙදාදීමටයි හිරු එෆ්.එම්. කටයුතු යොදා ඇත්තේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories