එජාප මන්ත්‍රී එම්.එච්.එම් සල්මාන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Thursday, 18 January 2018 - 16:30

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.%E0%B6%91%E0%B6%A0%E0%B7%8A.%E0%B6%91%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.එම් සල්මාන් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඊට අදාළ ලිපිය ඔහු අද (18) පෙරවරුවේ තමන් වෙත භාර දුන් බවයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

2016 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔහු එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසියේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින්.

තවත් මන්ත්‍රීවරයෙකුට අවස්ථාව ලබාදීම සඳහා එම්.එච්.එම් සල්මාන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිසාම් කාරියප්පර් ප්‍රකාශ කළේ.

ඒ අනුව, පුරප්පාඩු වී ඇති මන්ත්‍රී ධුරය සඳහා පුද්ගලයෙකු ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් නම් කරනු ඇති බව ඔහු කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories