තරුපහේ හෝටලයක් ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වෙයි

Sunday, 21 January 2018 - 8:22

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%84%E0%B7%9A+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි සුප්‍රකට ඉන්ටකොන්ටිනෙන්ටල් සංචාරක හෝටලයට ත්‍රස්ත ප්‍රහාරයක්  එල්ලවී තිබෙනවා.

සන්නද්ධ සිව්දෙනෙකු හෝටලය තුළට පිවිස එහි අමුත්තන්ට සහ කාර්ය මණ්ඩලයට ඉවක් බවක් නොමැතිව වෙඩි තැබූ බවයි වාර්තාවන්නේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු වගකීම භාරගෙන නැහැ.

ඇෆ්ගනිස්ථානයේ අගනුවර විදේශිකයන් ගැවසෙන හෝටල් ත්‍රස්ත ප්‍රහාරවලට ලක්විය හැකි බවට රටවල් කිහිපයක්ම පසුගිය කාලයේදී අනතුරු ඇඟවීම් සිදුකර තිබුණා.

ඇෆ්ගනිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ඊයේ රාත්‍රී 9 ට පමණ සන්නද්ධ ත්‍රස්තවාදීන් පස්මහල්් හෝටලයේ ආරක්ෂකයන්ට වෙඩි තබා ඊට ඇතුලූවී ඇති බවයි.

ප්‍රහාරය අද අලූයම තෙක්ම පැවති අතර, ජීවිත හානි රැසක් පිළිබඳ තොරතුරු ලැබෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories