භුමිතෙල්වලට තහනමක්

Monday, 22 January 2018 - 11:23

%E0%B6%B7%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
රථවාහනවලට, කර්මාන්තශාලාවට, බවුසර්වලට සහ තොග වශයෙන් භාජනවලට මෙන්ම බැරල්වලට ලංකා භූමිතෙල් අලෙවි කිරීම තහනම් කරමින් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් දිවයිනේ සියලුම පිරවුම්හල් වෙත නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ ඇතැම් පිරවුම්හල්වල බෙදුම්කරුවන් අධික ලාභ ලැබීමේ පරමාර්ථයෙන් ලංකා භූමිතෙල් වැඩි වශයෙන් ව්‍යාපාරිකයන්ට සහ කර්මාන්තශාලාවලට නිකුත් කිරීම හේතුවෙන්.

ලංකා භූමිතෙල් සහ කාර්මික භුමිතෙල් ලෙස භූමිතෙල් වර්ග දෙකක් වෙළඳපොළේ විකීණීමට තිබෙනවා.

ලංකා භූමිතෙල් අඩු ආදායම්ලාභි ජනතාවට මෙන්ම ධීවර ප්‍රජාවට නිකුත් කෙරෙන බවයි එම සංස්ථාව සඳහන් කළේ.

එම භූමිතෙල් රතු පැහැයෙන් යුක්තයි.

කර්මාන්තශාලා සහ තොග වශයෙන් භාවිතා කිරීමට යොදා ගන්නා භූමිතෙල් කාර්මික භූමිතෙල් වන අතර එය අවර්ණයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories