බැඳුම්කර වාර්තාව අද සභාගත කෙරේ - විවාදයට දින දාගන්න, පක්ෂ නායකයින් යළි රැස්වේ

Tuesday, 23 January 2018 - 8:25

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+-+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
බැඳුම්කර වාර්තාව සහ බරපතල වංචා හා දූෂණ විමර්ශන ඇතුළත් වාර්තා 34 අද (23) දිනයේදී පාර්ලිමේන්තුවේදී සභාගත කිරීමට නියමිතයි.

ඊයේ (22) පැවැති පක්ෂ නායක රැස්වීමේදී ඇති වූ එකඟතාවයකට අනුව එය සභාගත කෙරෙනු ඇති.

එහිදී බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බවට විපක්ෂයේ පක්ෂ නායකයින් ඉල්ලීමක් කර තිබෙනවා.

එමෙන්ම ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී බැඳුම්කර වාර්තාවේ පිටපත් කථානායකවරයා විසින් පක්ෂ නායකයින් වෙත ලබාදී ඇති බව සඳහන්.

ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ අද දිනයේදී විශේෂ පක්ෂ නායක රැස්වීමක් ද කැඳවා ඇති බවයි.

කෙසේ වෙතත්, ජනාධිපති කොමිෂන් සභා වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කරන තුරු විවාදයකට දින නියම කළ නොහැකි බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories