පොලිසියේ 04ක් රෝහල් යැවූ බඹර ප්‍රහාරය

Tuesday, 23 January 2018 - 10:44

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+04%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B6%B9%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA
කළුතර - නාගොඩ ප්‍රදේශයේදී පොලිස් නිළධාරීන් 04 දෙනෙකුට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

නාගොඩ - එම්රුක්වත්ත ප්‍රදේශයේ ඊයේ (22) සිදුකළ වැටලීමකට එක් වූ පොලිස් නිලධාරීන් පිරිසකට මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇති බවටයි වාර්තා වන්නේ.

බඹර ප්‍රහාරයෙන් දොඩම්ගොඩ පොලීසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු, සැරයන්වරයෙකු, පොලිස් කොස්තාපල්වරයෙකු සහ පොලිස් සහයකවරයෙකු නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඉන් අයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories