රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බව ජනපති කියයි

Tuesday, 23 January 2018 - 18:39

%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A+%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණමඩුව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ අද සංවිධාන කර තිබූ ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

තමන් ප්‍රතිපත්තිමය ගැටළු හේතුවෙන් පසුගිය ආණ්ඩුවෙන් ඉවත්වූ බවත්, තමන් එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු ද්‍රෝහීකමක් සිදුකර නොමැති බවත්, ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

තමන් එදා විරුද්ධ වූයෙත්, අද විරුද්ධ වන්නේත් දූෂණයට, වංචාවට සහ පවුල්වාදයට බව සඳහන් කළ ජනාධිපතිවරයා වැරදි කරන පුද්ගලයින්ට එරෙහිව දඩුවම් ලබාදීමට ගත හැකි තීන්දු තීරණ ගන්නා බව ප්‍රකාශ කළා.

ඌව ප්‍රධාන අමාත්‍යවරයාගේ ගැටළුවේදී ඔහුට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට ප්‍රකාශ කළ බවත්, ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයාට දැනුම් දුන් බවත්, ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories