බැදුම්කර මහ මොළකරුවන් ආරක්ෂා කිරීමේ සූදානමක් ?

Tuesday, 23 January 2018 - 20:20

%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%9C%E0%B7%85%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%3F
බැදුම්කර වාර්තාව සම්බන්යෙන් අදහස් දැක්වීමට අග්‍රාමාත්‍යවරයාට කිසිදු සදාචාරත්මක අයිතියක් නොමැති බව දුෂණ විරෝධි පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

මේ අතර බැඳුම්කර කොමිසමේ කරුණුවලින් හෙළිවන වංචාකරුවන්ගෙන් කුඩා පිරිසකට පමණක් දඩුවම් ලබාදී එහි මහ මොළකරුවන් ආරක්ෂා කිරීමේ සූදානමක් පිළිබඳව එළිය සංවිධානය කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අනාවරණයක් සිදුකළා.

මේ  එහිදී අදහස් දැක්වූ එළිය සංවිධානයේ නියෝජිත මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්.

‘‘ ජේ.වී.පී හඳුන්නෙත්ති මැතිතුමන් පසුගිය දවසක සඳහන් කරලා තිබුණා බැඳුම්කරයේ වංචාවට වගකියන්න ඕනේ ජනාධිපතිතුමා කියලා. පෞද්ගලිකව ජනාධිපතිතුමා එක්ක අපි මේ ගැන කතා කරලා තියෙනවා. ඒ වෙලාවෙදි අපිට දැනගන්නට ලැබුණේ රනිල් වික්‍රමසිංහ මහත්තයා එතුමා ප්‍රතික්ෂේප කරද්දී තමයි අර්ජුන් මහේන්ද්‍රන්ව මේ තනතුරට පත්කරන්නේ. අන්තිමට පත්කරන්න බැහැ කිව්වාට පස්සේ මාව විශ්වාස කරලා මේ පත්වීම සිද්ධ කරන්න මම වගකීම භාරගන්නවා කියලා සදහන් කරපු පුද්ගලයා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා. දැන් මේ වෙනකොට ඔවුන්ට නඩු පැවරිය යුත්තේ මේ සාක්ෂි විමසපු දප්පුල ලිවේරා වගේ අය හරහා. නමුත් අද මොකද වෙලා තියෙන්නේ. මම හිතන්නේ පුවත්පත්වල ඔබ දකින්න ඇති දප්පුල ලිවේරා මේ වෙනකොට ඉවත් කරලා ඒ වෙනුවට වෙන අය ලවා කරවන්න හදනවා. එතකොට මොකක්ද මේකේ අරමුණ. මේ නිකන් කොස්සෙක්, මැස්සෙක්, කූනිස්සෙක් අල්ලලා මහ මිනිස්සු මේකෙන් බේරලා අරින්න කියන එක අපිට ඉතාම පැහැදිලියි. ශාකුන්තලයේ කියනවා රජතුමනි ඔබට ජනතාව ඔබට කඩුවක් දී ඇත. ඒ කඩුව ඇත්තේ ජනතාව ආරක්ෂා කිරීම, අහිංසකයින් ආරක්ෂා කිරීම පිණිස මිස සතුරන් හොරුන් ආරක්ෂා කිරීම සඳහා නොවේ. ඒ නිසා අපේ ජනාධිපතිතුමා ළඟදි කඩුවක් ගැන කතා කළා. මට දැනුයි මතක් වුණේ ඒක. කොහොම හරි ඒ කඩුව සැබවින්ම අහිංසකයින් පෙලීම සඳහා නොව අහිංසකයින් රැකීම සඳහා වන කඩුවක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories