ලිබියාවේ බෝම්බ පිපිරීම්වලින් 22ක් මරුට

Wednesday, 24 January 2018 - 9:23

%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+22%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ලිබියාවේ බෙංගාසි නුවර දේවස්ථානයක් අසළ මෝටර් රථ බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයන් විසි දෙදෙනෙකු මිය ගොස් තවත් 30 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා.

ඊයේ (23) සිදුවූ මෙම පිපිරීම්වලට ගොදුරු වී ඇත්තේ අදාළ දේවස්ථානයේ ආගමික වතාවත්වලට සහභාගි වී පිටතට පැමිණෙමින් සිටි බැතිමතුන් පිරිසක් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් කිහිප දෙනෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

පළමු මෝටර් රථ බෝම්බය දේවස්ථානයේ අසළ පුපුරා ගොස් ඇති අතර අනෙක් බෝම්බය පුපුරා ගොස් ඇත්තේ දේවස්ථානයට ආසන්න ප්‍රදේශයකයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories