Hirunews Logo
%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B6%89%E0%B6%A9+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%9A%E0%B6%AD%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
Tuesday, 13 February 2018 - 19:25
සභාවල ඉඩ ප්‍රශ්නයක් - වැදි කතකුත් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවට
434

Views
පළාත් පාලන මැතිවරණයෙන් සභිකයන් විශාල ප්‍රමාණයක් තේරී පත්වීම හේතුවෙන් අදාළ පළාත් පාලන ආයතනවල රැස්වීම් පැවැත්වීම සඳහා පවතින ඉඩකඩෙහි ගැටළුවක් මතුවිය හැකි බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ ප්‍රාදේශීය සභාවල රැදී සිටිය හැක්කේ මන්ත්‍රීවරුන් සුළු පිරිසකට පමණක් බවයි.   

මේ අතර මැතිවරණයේ ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන 76ක කුමන පක්ෂය ජයග්‍රහනය කලද බලය පිහිටුවීමේ අවිනිශ්චිතතාවයක් මතුව තිබෙනවා.

මෙම අවිනිශ්චිතතාවය මතුව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂ ලබා ගත් ආසන සංඛ්‍යාව අනුවයි.

මෙවර පළාත් පාලන මැතිවරණය සදහා නව මැතිවරණ ක්‍රමය හදුන්වා දෙනු ලැබුවේ සියයට 25 කාන්තා නියෝජනය අනිවාර්යය කරමින්.

සියලු පළාත් පාලන ආයතන වලට ඉදිරිපත් වු පක්ෂ සියයට 25 ක් කාන්නා නියෝජනය වන ආකාරයෙන් නාමයෝජනා ඉදිරිපත් කිරිම සිදු කෙරුනා.

ඒ අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආදිවාසි කාන්තාවක් අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය සභාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදි තේරි පත් ව තිබීම විශේෂත්වයක්.  

එහිදී 38 හැවිරිදි තිදරු මවක් වන ඩබ්ලිව්. එම්. ශිරෝමාලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හේනානිගල දකුණ සහ උතුර බහු ආසනය වෙනුවෙන් තරඟ කරමින් ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 1369ක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ඒ-9 මාර්ගයේ අධික මීදුමක්
Tuesday, 13 February 2018 - 14:26
මේ දිනවල උතුරු ප්‍රදේශයේ  බොහෝ ස්ථානවලට උදෑසන කාලයේදී අධික මීදුම් තත්වයක් පවතින බව වාර්තාවනවා.මෙවැනි... Read More
News Image
Hiru News Programme Segments
2,869 Views
14,705 Views
494 Views
1,261 Views
957 Views
16,159 Views
Top