Hirunews Logo
%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B6%BA+%E0%B7%80%E0%B6%B1%E0%B7%83%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%8A
Tuesday, 13 February 2018 - 20:22
පරිසරය වනසන මා දැල්
5

Shares
614

Views
මා දැල් භාවිතයෙන් මසුන් ඇල්ලීම මෙරට පාරම්පරික ධීවර පන්න ක්‍රමයක්.

එහෙත් මේවනවිටල දැල ඇදීමට අවශ්‍ය ශ්‍රමික පිරිස සපයාගැනීමට නොහැකිවීම හේතුවෙන් මා දැල් කරුවන් දැඩි අසීරුතාවට පත්ව සිටිනවා.

ඊට පිළියමක් ලෙස මා දැල්කරුවන් ධීවර දෙපාර්තමෙන්තුවෙන් ඉල්ලීම් කර ඇත්තේ යාන්ත්‍රික උපකරණයක් ආධාරයෙන් දැල ගොඩට ඇදීමට අවසර ලබාදෙන ලෙසයි.

ඒ අනුවයි, නියමු ව්‍යාපෘතියක් ලෙස ට්‍රැක්ටරයක් වෙරළේ නවතා ඊට වින්ච් නමින් හදුන්වන මෙම යාන්ත්‍රික උපකරණය මගින් දැල ක්‍රම ක්‍රමයෙන් ඇදීමේ ක්‍රමය පිළිබඳව රජයේ අවධානය යොමුව ඇත්තේ.

කෙසේ වෙතත් මෙම ක්‍රමය භාවිත කිරීමට තවමත් නීති රෙගුලාසි සකස් කොට නැහැ.

නිති සම්පාදනය පමාවීම හේතුවෙන් නියමු ව්‍යපෘතිය පසෙක දැමූ මා දැල් අදින්නන් මේ වනවිට සුන්දර වෙරළ තීරය දැඩි ලෙස විනාශ කරනා අයුරු හිරු සී.අයි.ඒකැමරා ඇසට හසුවුනා.

ඔවුන් සිදුකරන්නේ, යාන්ත්‍රික උපකරණය මගින් දැල එතීම සිදු නොකොට ට්‍රැක්ටරයේ මා දැල ගැට ගසා වෙරළ පුරා ඇදගෙන යාමයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ උඩප්පුව සිට කල්පිටිය දක්වා වෙරළ තීරයේ බොහෝ ස්ථානවල මෙම ක්‍රමය යොදාගැනීම හේතුවෙන් දැඩි ලෙස විනාශවී තිබෙනවා.

හිරු සී.අයි.ඒ කල ගවේෂණයේදී අනාවරණය වුයේ, ට්‍රැක්ටර් 50 ක් පමණ මෙලෙස මාදැල් ඇදීමට යොදා ගෙන ඇති බවයි.

ට්‍රැක්ටර් භාවිතය හේතුවෙන් වෙරළ ආශ්‍රිතව ගොඩ ගැසී තිබු ස්භාවික වැලි කදු ආදිය මුළුමනින්ම මේ වනවිටත් විනාශ වී අවසන්.

ධීවර දෙපාර්තමේන්තුව මා දැල් කර්මාන්තයට අදාල නව නීති සම්පාදනයට තවත් කල් මැරීමෙන් සිදුවන්නේ වෙරළාශ්‍රිතව සිදුවන මෙම පරිසර විනාශය තව තවත් ඉහළ යාමයි.

එසේ නොවුණහොත් පුත්තලම දිස්ත්‍රික්කයේ පමණක් නොව රටවටා වෙරළ තීරයන්හි සුන්දරත්වයට කන කොකා හඬන කාලය වැඩි ඈතක නොවන බව හිරු සී.අයි.ඒ හැඟීමයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
12 Views
1,179 Views
6,726 Views
6,541 Views
84 Views
45,338 Views
Top