බ්‍රසීල අගනුවර ආරක්ෂාව හමුදාවට

Saturday, 17 February 2018 - 13:08

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%93%E0%B6%BD+%E0%B6%85%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
සංවිධානාත්මක අපරාධ නිසා අපකීර්තියට පත් බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ අගනුවර ආරක්ෂාව අධීක්ෂණයට හමුදා ජෙනරාල්වරයෙකු පත් කර තිබෙනවා.

ජනාධිපති මිචෙල් ටෙමර් කියා සිටියේ රියෝ අගනගර ප්‍රාන්තයේ අපරාධ රැල්ල පිළිකාවක් මෙන් පැතිරී ඇති බවයි.

සුප්‍රකට රියෝ සැනකෙණි සමයේදී ද ප්‍රචණ්ඩ අපරාධ රැසක් වාර්තා වූ අතර, රියෝ නගරාධිපතිවරයා එහිදී ජනාධිපති ටෙමර්ගෙන් ඉල්ලා සිටියේ ඒ සඳහා නිසි පියවරක් ගන්නා ලෙසයි.

ඒ අනුව ජෙනරාල් වෝල්ටර් සූසා නෙටෝ ඒ සඳහා පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඔහු 2016 වසරේ බ්‍රසීලයේ පැවැති ඔලිම්පික් උළෙලේ ආරක්ෂක කටයුතුවල ප්‍රධානියා ලෙස ද කටයුතු කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories