පුංචි ඡන්දෙන් පසු පාර්ලිමේන්තුව මුල්වරට රැස්වේ, බහුතරය පෙන්වීමට ප්‍රධාන පක්ෂ සුදානම්

Monday, 19 February 2018 - 7:47

%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%2C+%E0%B6%B6%E0%B7%84%E0%B7%94%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟතාව පරිදි අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වනවා.

පළාත්පාලන මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව අද මුල්වරට රැස්වන අතර, එහි කටයුතු පිළිබඳව මේ වනවිට දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

අද (19) දිනයේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක සහ ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා දැඩි උත්සාහයක් දරනු ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල සඳහන් කළේ සාමාන්‍ය පරිදි අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වන අතර, විශේෂ පක්ෂ නායක රැස්වීමක්ද පැවැත්වෙන බවයි.

පසුගිය 24 වනදා, බැඳුම්කර සහ බරපතල වංචා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා පිළිබඳ විවාද කළ සභාව, අද දක්වා කල් තැබුණු අතර, මෙම වාර්තා පිළිබඳව මේ මස 21 සහ 22 යන දිනවල යළි විවාද කිරීමට නියමිතයි.

මේ අතර, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 8.30 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories