වැල්ලවාය - වදිනහෙලයාය රක්ෂිතය ගිනි ගනී

Tuesday, 20 February 2018 - 7:20

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B7%8F%E0%B6%BA+-+%E0%B7%80%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
පවතින වියළි කාලගුණයත් සමඟ ප්‍රදේශ රැසක රක්ෂිත ගිනි ගැනීම් පිළිබදව තොරතුරු වාර්තා වනවා.

වැල්ලවාය - වදිනහෙලයාය කඳුවැටි රක්ෂිතයේ ඊයේ (19) හට ගත් ගින්න මේ වන විට නිවා දමා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ගින්නෙන් අක්කර 100කට වැඩි ප්‍රමාණයක් විනාශයට පත්වී තිබෙනවා.

ගින්න නිවීම සඳහා ආපදා කළමනාකරණ නිලධාරීන්, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් ද එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ප්‍රදේශයට පවතින වියළි කාලගුණය හේතුවෙන් ගින්න පැතිරී යාම වේගවත් වූ බවයි ප්‍රදේශවාසීන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සහ පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියේ සතුන් දඩයම් කිරීම සහ විවිධ අරමුණු සහිතව කැළෑ ගිනි තැබීම් සිදුකිරීමෙන් වළකින ලෙසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මාර්තු මාසය අවසන් වන තුරු වැසි අපේක්ෂා කළ නොහැකි බවයි.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories