ගම හදා ගමු පළමු වැඩසටහන හෙට

Thursday, 22 February 2018 - 18:11

%E0%B6%9C%E0%B6%B8+%E0%B7%84%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
මතින් නිදහස් රටක් ජාතික වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක ගම හදා ගමු ග්‍රාමීය වැඩසටහනේ පළමු වැඩසටහන හෙට ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

ප්‍රජා පොලිස් කමිටුවන නියෝජිතයන්, ආරක්ෂක අංශවල මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද මීට එක්වීමට නියමිතයි.

ගම තුල නීති විරෝධී මත්ද්‍රව්‍ය විකිණීම හා නිශ්පාදනය අවම කිරීම සඳහා තිරසාර ක්‍රමවේදයක් සැකසීම සහ ගම්වාසීන්ගේ සාමුහිකත්වය තුල මෙම ජාවාරම්කරුවන්ට බලපෑමක් එල්ල කිරීම, එවැනි කර්මාන්තවල නියැලී සිටින පුද්ගලයන් වෙනත් රැකියා සඳහා යොමු කිරීම හා අධීක්ෂණය කිරීම, ග්‍රාමීයව සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීම සඳහා අවශ්‍ය මගපෙන්වීම හා සහය ලබාදීම, ග්‍රාමීය මට්ටමින් මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සිදු කිරීම, ගමේ තරුණ පිරිස හා පාසල් දරුවන් මුලික කර ගනිමින් මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව පිළිබඳ සමාජය දැනුවත් කිරීම ඇතුලු වැඩසටහන් රැසක් මේ යටතේ  ක්‍රියාත්මකයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories