වියළි කාලගුණයෙන් දෙලක්ෂ අනු දහසකට පීඩා

Thursday, 22 February 2018 - 22:07

%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%85%E0%B6%B1%E0%B7%94+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F
දිවයිනට බලපා ඇති වියලි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 5කට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව දෙලක්ෂ අනූ දහසකට අධිකයි.

අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, මන්නාරම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති අතර, මේ හේතුවෙන් පවුල් 91 දහසක පුද්ගලයින් දෙලක්ෂ අනූ තුන්දහසකට වැඩි පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා.

නියඟයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක පීඩාවට පත්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 2කට අධිකයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories