අමරිකා ජනපති උතුරු කොරියාවට එරෙහිව දැඩි තීරණයක

Friday, 23 February 2018 - 21:10

%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A
උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩපිළිවෙලට එරෙහිව නව සම්බාධක පැනවීමට අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සුදානම් වනවා.

මෙම සම්බාධක උතුරු කොරියාවේ රජයට එරෙහිව මෙතෙක් පනවනු ලබන දැවැන්තම සම්බාධක ලෙසටයි සැලකෙන්නේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සම්බාධක පනවමින් සිදු කිරීමට නියමිත කතාව පිළිබඳ අදහස් දක්වමින් විචාරකයන් මෙම අදහස් පළකර තිබෙනවා.

එම කතාවෙන් පසු අමරිකා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩපිළිවෙලට සහය ලබාදෙන සම්පත් කපා හැරීමට කටයුතු කරනු ඇති.

ඒ උතුරු කොරියාවේ යුද නෞකා 56, නෞකා සමාගම් සහ වෙළඳ කටයුතු ඉලක්ක කර ගනිමින් සම්බාධක පැනවෙනු ඇති බවයි හෙළිවී ඇත්තේ.

අමරිකා ජනාධිපතිවරයා සිදු කිරීමට නියමිත මෙම විශේෂ ප්‍රකාශයෙන් පසු අමරිකා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව උතුරු කොරියාවට පනවන දැවැන්ත සම්බාධක පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළි කරනු ඇති.

උතුරු කොරියාවේ මතබේධාත්මක න්‍යෂ්ඨික වැඩපිළිවෙලට මෙන්ම මිසයිල අත්හදා බැලීම්වලට එරෙහිව අමරිකාව මෙන්ම අමරිකාවට හිතවාදී රටවල් රැසක් සම්බාධක පනවනු ලැබුවා.

එලෙස සම්බාධක පනවා තිබියදීත් උතුරු කොරියාව ඔවුන්ගේ මිසයිල අත්හදා බැලීම් නතර කළේ නැහැ.

අමරිකා ජනාධිපතිවරයා 2017 වසරේ ජනවාරි මාසයේ සිය ධුරය භාර ගැනීමෙන් පසු උතුරු කොරියාවේ ක්‍රියාමාර්ගවලට එරෙහිව මතබේධාත්මක ප්‍රකාශ සිදු කළ අතර උතුරු කොරියාව ද ඊට ප්‍රතිචාර දැක්වුවා.

උතුරු කොරියාවට වඩා බලවත් න්‍යෂ්ඨික ශක්තියක්  තමන් සතු බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර තිබුනේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories