මංජු සමග සිටි දෙදෙනා රිමාන්ඩ්

Saturday, 24 February 2018 - 19:21

%E0%B6%B8%E0%B6%82%E0%B6%A2%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
පාතාල කල්ලි නායකයෙකු වන දඩල්ලගේ මංජු හෙවත් ඩී.මංජු සමඟ සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා ලබන මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ අද (24) වත්තල වැඩබලන මහේස්ත්‍රාත් චන්දන ඒ. ගුණවර්ධන හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

මෙම සැකකරුවන් දෙදෙනා වත්තල සහ මාතලේ ප්‍රදේශවල පදිංචි 28 සහ 50 යන වයස්වල පදිංචිකරුවන් බවටයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

වත්තල - ශාන්ත ආනා දේවස්ථාන භූමියේදී දඩල්ලගේ මංජු හෙවත් ඩී.මංජු නැමැති පාතාල සාමාජිකයා ඊයේ මිය ගියේ විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදියි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories