Hirunews Logo
%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Tuesday, 13 March 2018 - 20:13
අඩුපීඩනය පීඩන අවපාතයක් වෙයි
33

Shares
4,070

Views
දිවයිනට නිරිත දෙසින් පැවති අඩුපීඩන තත්ත්වය, පීඩන අවපාතයක් බවට පත්ව තිබෙනවා.

එහි බලපෑම හේතුවෙන් හම්බන්තොට සිට ගාල්ල හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තවදුරටත් පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර වේගයකින් සුළං පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.

මෙම පීඩන අවපාතය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනෙන් ඉවතට ගොස් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ මිලිමීටර 135 ක වැඩිම වර්ෂාපතනය වාර්තාවී ඇත්තේ පොළොන්නරුව - අංගමැඩිල්ල ප්‍රදේශයෙන්.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය නොසලකා ඊයේ මුලතිව් - නයාරු ප්‍රදේශයෙන්  ‘‘සතිෂ් පුතා’’ යාත්‍රාවෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් අතුරුදන්වූ ධීවරයින් තුන්දෙනා මෙතෙක් සොයාගෙන නැහැ.

නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මේ වනවිටත් ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය ධීවර සහ නාවික ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ අතුල කරුණානායක කියා සිටියා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රෑ පිපුණු නෙළුමේ අසිරිය
Thursday, 06 December 2018 - 7:38
නෙළුම් කුළුණ පූර්ණ ලෙස ආලෝකමත් වූ අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු... Read More
News Image
Hiru News Programme Segments
5,458 Views
9,750 Views
8,818 Views
8,970 Views
1,349 Views
55,957 Views
Top