Hirunews Logo
%E0%B6%B8%E0%B7%9C%E0%B6%AB%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%9D
Wednesday, 14 March 2018 - 9:40
මොණරාගලදී ගැටුණු චීන ජාතිකයෝ
1,299

Views
මොණරාගල, කුඹුක්කන ප්‍රදේශයේ අලුතින් ඉදිවන තාප විදුලි බලාගාරයක සේවය කරමින් සිටි චීන ජාතිකයින් දෙදෙනෙකු අතර ඊයේ (13) රාත්‍රියේ ගැටුමක් ඇතිව තිබෙනවා.

එම ගැටුමෙන් එක් චීන ජාතිකයෙකු බරපතළ තුවාල ලබා මොණරාගල මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය පවසන්නේ තුවාල ලැබූ තැනැත්තා වයස අවුරුදු විසිපහක පුද්ගලයෙකු බවයි.

මොවුන් දෙදෙනා රාත්‍රියේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එහිදී සිදුවූ බහින් බස් වීමක් දුර දිග ගොස් මෙම ගැටුම ඇති වී ඇති බවයි මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ.

පහරදීම සිදුකළ අනෙක් චීන ජාතිකයා අත්අඩංගුවට ගැනීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මොණරාගල පොලිසිය සිදුකරනු ලබනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
විල්පත්තුවේ දිවි ගෙවන දිවියන්ගේ දිවි රැඟුම්
Friday, 15 June 2018 - 20:06
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මේ දිනවල ශ්‍රී ලංකාවට අවේනික දිවියන් බහුලව දැකිය හැකිබව වාර්තා... Read More
News Image
Hiru News Programme Segments
468 Views
3,667 Views
4,401 Views
3,634 Views
16 Views
34,808 Views
Top