පුටින් හතරවන වරටත් බලය ඉල්ලන රුසියානු ජනපතිවරණය අදයි

Sunday, 18 March 2018 - 6:52

%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ජනාධිපති ව්ලැදිමීර් පුටින් හතරවන වරටත් බලය අපේක්ෂා කරන රුසියානු ජනාධිපතිවරණය අද පැවැත්වෙනවා.

රුසියානු ඈත පෙරදිග ප්‍රදේශවල ඡුන්දය ප්‍රකාශ කිරීම මීට පැය කිහිපයකට  පෙර ආරම්භ කෙරුණු අතර, මොස්කව් නුවර ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹෙන්නේ ඉන් පැය 9 කට පමණ පසුවයි.

ප්‍රථම ප්‍රතිඵලය අද සන්ධ්‍යාවේදී නිකුත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

2000 වසරේ සිට රුසියාවේ ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා ලෙස එරට මෙහෙයවනු ලැබුවේ ව්ලැදිමීර් පුටින් විසින්.

ඔහු තවත් වසර 6කට බලය ඉල්ලා සිටින්නේ  තවත් අපේක්ෂකයන් 7 දෙනෙකු සමග තරග වදිමින්.

කෙසේ නමුත් ඔහුගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වූ ඇලෙක්සි නවාල්නිට දූෂණ චෝදනා මත මැතිවරණයට ඉදිරිපත්වීමේ අවස්ථාව අහිමිකර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories