අගමැතිට ඉල්ලා අස්වන්නැයි බල කෙරෙන පාගමනේ දෙවන දිනය මාවනැල්ලෙන් ඇරඹෙයි

Sunday, 01 April 2018 - 7:27

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් විය යුතු බවට බල කරමින් එක්සත් ජාතික නිදහස් පෙරමුණ සංවිධාන කළ පාගමන අද දෙවන දිනට මාවනැල්ලේ සිට ගමන් ආරම්භ කරනවා.

ඊයේ මෙම පාගමන ආරම්භ වූයේ මහනුවර ගැටඹේ විහාරස්ථානය අසලින්.

ඊයේ ඇප ලබා ගැනීමෙන් අනතුරුව පා ගමන සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහලේකම් නීතිඥ මෛත්‍රී ගුණරත්න කියා සිටියේ මෙම පා ගමනට ඉදිරියේදී තවත් ජනතාව එක්වනු ඇති බවයි.

මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් විය යුතු බවට බල කරමින් එක්සත් ජාතික නිදහස් පෙරමුණ සංවිධාන කළ පාගමන අතරතුර අත්අඩංගුවට ගැණුනු එම පෙරමුණේ මහලේකම් නීතිඥ මෛත්‍රී ගුණරත්න ඇප මත මුදා හැර තිබෙනවා.

බලපත්‍ර නොමැති ගිනි අවි දෙකක් ළග තබා ගැනීමේ චෝදනා මත ඔහු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ.  

කඩුගන්නාව - පිළිමතලාව - ඌරපොල හන්දිය අසලදී සැකකටයුතු අන්දමින් නවතා තිබූ ජිප් රථයක් පරීක්ෂා කළ පොලීසිය එහි තිබී බෝර - 12 තුවක්කු දෙකක් සහ උණ්ඩ 10 ක් සොයා ගත්තා.

ඒ අනුව එම අවස්ථාවේ එම ජිප් රථය පැදවූ හිමිකරු ලෙස ඉදිරිපත් වූ නීතිඥ මෛත්‍රී ගුණරත්න එම ගිනි අවිවලට බලපත්‍ර ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ හෙයින් කඩුගන්නාව පොලීසිය ඔහු අත්අඩංගුවට ගත් අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ධුරයෙන් ඉවත් වන ලෙස බලකරමින් එක්සත් ජාතික නිදහස් පෙරමුණ සංවිධාන කළ පාගමන අතරතුරයි මෙම සිදුවීම වාර්තා වුණේ.

පසුව සැකකාර නීතිඥ මෛත්‍රී ගුණරත්න මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ ගිනි අවි දෙකෙහි බලපත්‍රවල පිටපත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ශරීර ඇප 2 ක් මත මුදා හැර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories