පළාත් කිහිපයකට අද පස්වරුවේ වැසි

Sunday, 01 April 2018 - 8:27

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වලත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේත් අද පස්වරු 2 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, දකුණ සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවලද උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම සහිත තත්ත්වයක්ද අපේක්ෂා කෙරෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories