Hirunews Logo
%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B6%E0%B7%84%E0%B6%A7+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%9A
Monday, 16 April 2018 - 13:22
සිරියාව ගැන කථාබහට ඉරාන කථානායක ශ්‍රී ලංකාවට පැමිණේ
10

Shares
1,243

Views
ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක අලි ලරිජානි ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බව වාර්තාවනවා.

ඒ, වියට්නාමයේ සංචාරයකින් අනතුරුවයි.

ශ්‍රී ලංකාවේ සහ වියට්නාමයේ සංචාරය සඳහා ඉරාන කථානායකවරයා දැනටමත් ටෙහෙරාන් නුවරින් නික්මී ඇති බව එරට මාධ්‍ය සඳහන් කළා.

සිය පාර්ලිමේන්තු නියෝජිතයින් සමඟ ශ්‍රී ලංකාවට පැමිණෙන ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා සිරියාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ද මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.

විශේෂයෙන් සිරියාවට පසුගියදා බටහිර රටවල් එල්ල කළ අනපේක්ෂිත ප්‍රහාරය මගින් ජාත්‍යන්තර යාන්ත්‍රණයන් නොසලකා හැර ඇති බව ඉරානයේ අදහසයි.

එය අනාගත ගැටුම් වාතාවරණයන් කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකියි.

මේ හේතුවෙන් වියට්නාම සහ ශ්‍රී ලංකා බලධාරීන් සමඟ පවත්වන සාකච්ඡාවලදී ඒ පිළිබඳවද සිය කථානායකවරයා අවධානය යොමු කරනු ඇති බව ඉරාන මෙහර් ප්‍රවෘත්ති සේවය සඳහන් කළා.

එහිදී සාකච්ඡා කෙරෙන කරුණු ජාත්‍යන්තර තලයේ සාමය තහවුරු කිරීම සඳහා වැදගත් වනු ඇති බව ඉරානයේ මතයයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපති මෛත්‍රීගේ පිලිපීන සංචාරය
Thursday, 17 January 2019 - 9:17
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිව්දින නිල සංචාරයක් සඳහා පසුගියදා පිලිපීනයේ නිල සංචාරයක නිරත වුණා.එහි... Read More
News Image
Hiru News Programme Segments
216 Views
13,658 Views
9,638 Views
9,873 Views
17 Views
60,340 Views
Top