Hirunews Logo
%E0%B7%80%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Monday, 16 April 2018 - 14:05
වව්නියාව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
31

Shares
3,790

Views
දෙමළ සන්ධාන බලය, වව්නියාවෙන් ගිලිහේ

දෙමළ ජාතික සන්ධානයට බලය හිමිවු වව්නියාව නගර සභාවේ සභාපතිධුරයට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ රාමලිංගම් ගෞතමන් තේරි පත් වුණා.

ඒ, සභාපතිධුරය සඳහා පැවති ජන්ද විමසීමේදි දෙමළ සන්ධාන අපේක්ෂකයාට වඩා වැඩි ජන්ද දෙකක් හිමිකරගනිමින්.

මෙහිදි මන්ත්‍රීවරුන් තුන්දෙනා බැගින් සිටින ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ මන්ත්‍රීවරයෙකු බැගින් සිටින ඊ.පී.ඩී.පී පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා වෙනුවෙන් ජන්දය භාවිතා කළා.

එක්සත් ජාතික පක්ෂයේ සභිකයින් 04 දෙනාගෙන් තුන් දෙනෙකු ද, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා වෙනුවෙන් ජන්දය භාවිතා කළ අතර, අනෙක් සභිකයා සහය පල කළේ දෙමළ ජාතික සන්ධානයෙන් ඉදිරිපත් කල එන්.සේනාධිරාජා වෙතයි.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 08 දෙනාද ඔහුගේ පක්ෂයේ අපේක්ෂකයා වෙනුවෙන් ජන්දය භාවිතා කළා.

මෙහිදි අගිල ඉලංගෙයි තමිල් කොංග්‍රසයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරයා ජන්දය දීමෙන් වැළකී සිටියා.

මෙම අවස්ථාවට එම්.ඒ. සුමන්තිරන්, ශිවශක්ති ආනන්දන්, කාදර් කාදර් මස්තාන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද එක්ව සිටියා.

ජන්ද විමසීමෙන් පසු වව්නියාව නගර සභාව ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ඇති වුණේ ජන්ද විමසිමේදි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීනිය බලපෑම් කල බවට එම පක්ෂයේ වව්නියාව සංවිධායක පී. කරුණාදාස, අමාත්‍ය රිෂාඩ්  බදියුදින්ගේ සහෝදරයකු වන හිටපු උතුර පළාත්  සභා මන්ත්‍රී රිෆ්ඛාන් බදියුදින් චෝදනා කිරීමත් සමඟයි.

මේ අතර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කළ ත්‍රිකුණාමලය - මොරවැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පූජ්‍ය පොල්හේන්ගොඩ උපරතන හිමියන් අද (16) තේරී පත් වුණා.

ඒ පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයාට වඩා වැඩි ඡන්ද දෙකක් ලබා ගනිමින්.

සභික ධුර 16 කින් සමන්විත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ධුර 7 ක් පොදුජන පෙරමුණටත්,  මන්ත්‍රී ධුර 4 බැගින් නිදහස් සන්ධානයට සහ එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙනවා.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට එක් මන්ත්‍රී ධුරයක් හිමි වුණා.

අද පැවති ඡන්ද විමසීමේදී නිදහස් සන්ධාන සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමතරව ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මන්ත්‍රීවරයා ද පූජ්‍ය පොල්හේන්ගොඩ - උපරතන හිමියන් වෙනුවෙන් ඡන්දය භාවිතා කිරීම විශේෂත්වයක්.








Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
News Image
Hiru News Programme Segments
153 Views
3,159 Views
7,182 Views
7,080 Views
75 Views
47,716 Views
Top