Hirunews Logo
%E0%B6%87%E0%B6%B4+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
Monday, 16 April 2018 - 16:34
ඇප ලැබුණු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ බන්ධනාගාරයට
107

Shares
12,886

Views
ඇප නියම වුවත්, හිටපු ඇමති මහින්දානන්ද රිමාන්ඩ්

ඇප මත මුදාහැරුණු හිටපු ක්‍රීඩා අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ අද පස්වරුවේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිිබෙනවා.

ඒ, ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන්.

රජයේ මුදල් අවභාවිත කරමින් කැරම් සහ දාම් බෝඩ් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මන්ත්‍රීවරයා අද උදෑසන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණි අතර ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනුණා.

2014 වසරේදී සතොස ආයතනය මගින් මිලියන 53ක් වටිනා කැරම් සහ දාම් බෝඩ්  මිලදී ගෙන තිබූ අතර, එවායින් කොටසක් ක්‍රීඩා අමාත්‍යාංශයට ලබා දී ඇතැයි පසුව අනාවරණය වුණා.

ඒ අනුව රුපියල් මිලියන 39ක අලාභයක් රජය සිදුකල බවටයි මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වී ඇත්තේ.

ඔහු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණෙන අවස්ථාවේදී එය පිහිටා ඇති චැතැම් විදීය, මාර්ග බාධක යොදා වසා දමා තිබූ අතර, ඒ අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබුණා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණ සිටියා.

අත්අඩංගුවට ගැනුණු මන්ත්‍රීවරයාව පසුව ඉදිරිපත් කෙරුණේ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවටයි.

එහිදී කැරම් සහ දාම් බෝඩ් ගෙන්වූ සතොස ආයතනය සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතනයක් නිසා අදාල වරද පොදු දේපල පනත යටතේ විභාග කල නොහැකි බවටයි විත්තියේ නිතිඥවරුන් පෙන්වා දුන්නේ.

එම නීතිමය තර්කය පිළිගත් මහේස්ත්‍රාත්වරිය, මන්ත්‍රීවරයාව රුපියල් 35,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළා.

එමෙන්ම මන්ත්‍රීවරයාට විදෙස්ගත වීම තහනම් කළ මහේස්ත්‍රාත්වරිය, ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට පත් කරන ලෙස කොන්දෙසියක් පනවනු ලැබුවා.

කෙසේ වෙතත්, ඇප බැඳුම්කර අත්සන් කරන අවස්ථාවේදී විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදීමට මන්ත්‍රීවරයා අපොහොසත්වීම නිසා ඔහු බන්ධනාගාරය වෙත රැගෙන යාමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගත්තා.

එහිදී මන්ත්‍රීවරයා අධිකරණ නිලධාරීන් වෙත පෙන්වා දී ඇත්තේ තමාගේ විදේශ ගමන් බලපත්‍රය වෙනත් නඩු කටයුත්තක් සඳහා කොළඹ මහාධිකරණය වෙත මේ වන විට භාර දී ඇති බවයි.

කෙසේ වෙතත්,  ඒ බව සනාථ කිරීමේ ලේඛන ඉදිරිපත් කිරීමට මන්ත්‍රීවරයා අපොහොසත්වීම නිසා ඔහුව බන්ධනාගාරය වෙත රැගෙන ගිය බවයි හිරු අධිකරණ  වාර්තාකරු කියා සිටියේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රෑ පිපුණු නෙළුමේ අසිරිය
Thursday, 06 December 2018 - 7:38
නෙළුම් කුළුණ පූර්ණ ලෙස ආලෝකමත් වූ අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු... Read More
News Image
Hiru News Programme Segments
5,540 Views
9,849 Views
8,841 Views
8,997 Views
1,362 Views
56,051 Views
Top