විදුලි ඉංජිනේරුවන් මැයි 08 වැනිදා සිට අකුරට වැඩ

Wednesday, 18 April 2018 - 11:17

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%89%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+08+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9
වෙසක් සතියෙන් පසු එළඹෙන මැයි 08 වනදා සිට අකුරට වැඩ කිරිමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීරණ වන බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අනිද්දා (20) සිට අකුරට වැඩ කිරිමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත විමටයි ඔවුන් මිට පෙර තීරණය කර තිබුණේ්.

එහෙත් එළඹෙන වෙසක් සතිය සලකා බලා තම වෘත්තිය ක්‍රියාමාර්ගය මැයි 08 වනදා සිට දියත් කිරිමට තීරණය කල බවයි විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ්.

කෙසේ වෙතත්, විදුලිබල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සමග ඊයේ (17) පැවති සාකච්ජාවේදී ගත් තීරණවලට අනුව අකුරට වැඩ කිරිමේ ක්‍රියාමාර්ග කල් දැමීමට ඔවුන් තීරණය කළ බවයි.

ඉංජිනේරු සංගමය ඉදිරිපත් කර ඇති කරුණුවලට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories