එජාපයේ ප්‍රතිසංවිධාන කමිටුව තීන්දුවක් ගනී

Thursday, 19 April 2018 - 19:31

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අනුව සිදුකෙරෙන සංශෝධන අප්‍රේල් මස 30 වැනිදාට පෙර සිදුකිරීමට ඒ සඳහා පත් කෙරුණු කමිටුව අද තීරණය කළා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද දෙවන වරට ඔවුන් රැස්වූ අතර, එම සාකච්ඡාව පැය දෙකහමාරකට ආසන්න කාලයක් පැවතියා.

මීට පෙර එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළේ මැයි 6 වනදා අදාළ සංශෝධන ප්‍රකාශයට පත් කරන බවයි.

කෙසේ වෙතත්, කමිටුව ලබන 26 වැනිදා පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පෙර රැස්වීමට තීරණය කළ බවයි එහි සාමාජික නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories