වන සතුන්ට අලුත් අවදානමක්

Friday, 20 April 2018 - 8:13

%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කවුඩුල්ල ජාතික වනෝද්‍යානය තුළ කුර හා මුඛ රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව පශු වෛද්‍ය නිලධාරීන් පවසනවා.

එම රෝගය වැළඳී ඇති බවට සැක කෙරෙන අලි පැටවෙකු වනෝද්‍යානය තුළින් හමුවී ඇති බවයි ගිරිතලේ පශු වෛද්‍ය නිලධාරී කේ.එස්.එස්.කලිගුආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

වනෝද්‍යානයට ඇතුළු කෙරෙන ගවයින්ගෙන් අදාළ රෝගය පැතිර ගොස් ඇති බවට දැනට ඔවුන් අනාවරණය කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, එය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මේ වනවිටත් පියවර ගනිමින් සිටින බවද ගිරිතලේ පශු වෛද්‍ය නිලධාරී කේ.එස්.එස්.කලිගුආරච්චි වැඩිදුරටත් කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories