මැදවච්චියේදී සිදුවූ රිය අනතුරකින් අඹු සැමි යුවළක් මරුට

Friday, 20 April 2018 - 12:04

%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B9%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මැදවච්චිය කරම්බන්කුලම ප්‍රදේශයදී වෑන් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ අඹු සැමි යුවළක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (20) උදෑසන මේ අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ මැදවච්චිය ගල්කන්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

මියගිය කාන්තාව වයස අවුරුදු 21 තරුණියක් වන අතර ඇයගේ සැමියා 25 හැවිරිදි වියේ පසුවූ අයෙකු බවයි පොලිසිය සදහන් කළේ.

වෑන් රථයේ රියදුරා ද තුවාල ලබා මැදවච්චිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර මැදවච්චිය පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories