Update : හොරණ රබර් කර්මාන්ත ශාලාවේ කලමණාකරු රක්ෂිත බන්ධනාගාරයට

Friday, 20 April 2018 - 13:03

Update+%3A+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B6%AB+%E0%B6%BB%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B6%BD%E0%B6%B8%E0%B6%AB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
විෂ වායුවක් ආඝ්‍රහණය වීමෙන් පුද්ගලයන් 5 දෙනෙකු මරණයට පත්වූ හොරණ බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවේ කළමණාකරු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

හොරණ වැඩබලන මහේස්ත්‍රාත් හමුවට සැකකරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි නියෝගය ලබාදී ඇත්තේ.

ඊයේ දිනයේ අදාළ රබර් සැකසුම් කර්මාන්තශාලාවේදී විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

අදාළ කර්මාන්තශාලාවේ කළමනාකරු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ කර්මාන්ත ශාලාවට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන පැහැර හැරීම හා අපරීක්ෂාකාරී ලෙස කටයුතු කිරීම යන චෝදනා යටතේයි.

සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය විමර්ශණ සිදුකරනවා.

Update : Friday, April 20, 2018 ,13.57
-----------------------------------------------------
හොරණ - බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවකදී විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් 5 දෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සදහා පානදුර මූලික රෝහලට යවා තිබෙනවා.

එහිදී පානදුර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය උත්පලා ආටිගල පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකරනු ඇති.

මේ අතර, ඊයේ දහවල් සිදුවූ මෙම අනතුරෙන් ශ්වසන අපහසුතා ඇති වූ පුද්ගලයින් 19 දෙනෙකු මේ වනවිටත් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි එම රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය තමර කලූබෝවිල කියා සිටියේ.

එමෙන්ම, අදාළ සිද්ධිය පිළිබද රස පරීක්ෂණය සිදුකිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා හොරණ - බැල්ලපිටිය ප්‍රදේශයේ පිහිටි අදාළ රබර් සැකසුම් කර්මාන්ත ශාලාවට ඊයේ (19) පැමිණියා.

මේ අතර, අත්අඩංගුවට ගත් අදාළ කර්මාන්තශාලාවේ කළමණාකාරවරයාගෙන් මේ වනවිටත් ප්‍රකාශ ලබා ගනිමින් සිටින බවයි හොරණ පොලීසිය සදහන් කළේ.

ඔහු අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම, ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හොරණ පොලිසියට පැමිණෙන ලෙස අදාළ රබර් සැකසුම් කර්මාන්ත ශාලාවේ හිමිකරුට දැනුම්දීමක්ද සිදුකර ඇති නමුත් ඔහු මේ වනතෙක් එහි පැමිණ නැහැ.

කෙසේ වෙතත්, අනතුර සිදුවූ කර්මාන්තශාලාව අවට ආරක්ෂාව සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වනවිටත්  එහි රදවා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories