බේරුවල ප්‍රදීපාගාරය නැරඹීමට ගිය එකම පවුලේ දෙදෙනෙකු මරුට

Saturday, 21 April 2018 - 15:02

%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B6%BB%E0%B6%B9%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
බේරුවල ප්‍රදීපාගාරය නැරඹීමට ගිය එකම පවුලේ සහෝදරයෙකු සහ සහෝදරියක රළ පහරකට හසුවී මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද පෙරවරුවේ ඔවුන් මෙම අනතුරට ලක්වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ 27 හැවිරිදි තරුණයෙකු සහ 24 හැවිරිදි ඔහුගේ නැගනියයි.

අද දහවල් 11 ට පමණ ඔවුන් දෙදෙනා තවත් පිරිසක් සමග එම ස්ථානයේ ගල් පර මත සිට ප්‍රදීපාගාරය නරඹමින් සිට තිබෙනවා.

එහිදී රළ පහරකට හසුවී ඔවුන් ගසාගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුව ඔවුන් ප්‍රදීපාගාරයේ ඇති බෝට්ටු මගින් ගොඩට ගෙන බේරුවල රෝහලට ඇතුලත් කර තිබුනා.

කෙසේවෙතත් මෙම තරුණයා සහ තරුණිය එහිදී මියගොස් ඇතැයි සඳහන්.

මිය ගිය තරුණයා සහ තරුණිය, ඔවුන්ගේ පවුලේ ඥාතීන් ඊයේ දිනයේදී අලූත්ගම - මොරගල්ල ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක් වෙත පැමිණ ඇත්තේ නිවාඩුවක් ගත කිරීම සඳහායි.

එම හෝටලයේ සිට ඔවුන් බෝට්ටුවක් මගින් අද උදෑසන බේරුවල ප්‍රදීපාගාරය නැරඹීමට පැමිණ තිබෙනවා.

මළ සිරුරු වැඩිදුර පරීක්ෂණ සඳහා කළුතර - නාගොඩ රෝහලට භාර දී ඇති බව සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories