වියානා ඇළට වැටුණු සුපිරි රථයේ පැමිණි පුද්ගලයා සොයා මෙහෙයුම්

Thursday, 26 April 2018 - 12:43

%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%87%E0%B7%85%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
මහියංගනය - මාපාකඩවැව -  17 කණූව අසලදී වියානා ඇළට පෙරලූණු සුඛෝපභෝගී ජීප් රථයේ සිටි පුද්ගලයින් සොයා පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා බෝට්ටු 2 ක් යොදවා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

බදුල්ල - මහියංගනය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ අදාළ සුඛෝපභෝගී ජීප් රථය අද අලූයම වියානි ඇළට පෙරළී තිබූ අයුරු ප්‍රදේශවාසීන් දැක එය ගොඩට ගනු ලැබුවා.

 ජීප් රථය ගොඩට ගන්නා අවස්ථාවේදී එහි කිසිවෙකුත් සිට නැහැ.

පසුව අදාළ ජීප් රථයේ අංකය ඔස්සේ සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ එය හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු නමට ලියාපදිංචි වී ඇති බවටයි.

පසුව පොලීසිය මෙම ජීප් රථයේ හිමිකරු බවට පවසන පුද්ගලයාගේ නිවසට දුරකථන ඇමතුමක් ලබාදී ඇති අතර එහිදී නිවැසියන් ප්‍රකාශ කර ඇත්තේ මොහු කතරගම යාම සඳහා නිවසින් පිටත්ව ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේදී එහි සිටි පුද්ගලයන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තාවී නොමැති අතර, ඒ අනුවයි පොලීසිය, ප්‍රදේශවාසින් හා එක්ව ඔවුන් සොයා වියානි ඇලෙහි බෝට්ටු යොදාගෙන විශේෂ මෙහෙයුමක් දියත් කරනු ලැබුවේ.

මීට පෙර අවස්ථා කිහිපයකදී වියානා ඇලට මෝටර් රථ පෙරලීමේ සිද්ධීන් වාර්තා වුණා.

පොලිසිය සඳහන් කළේ වසරකට මිනිස් ජීවිත 10ත් 12ත් සංඛ්‍යාවක් මෙම ඇලට බිලි වන බවයි.

පසුගිය පෙබරවාරි මස 26 වනදා අලූයම් කාලයේදී වියානි ඇළට මෝටර් රථයක් පෙරළීමෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි මාපාකඩවැව - තිස්සපුර ද්විතියික විදුහලේ ගුරුවරයෙක් මියගිය අතර, අනතුර සිදුවන අවස්ථාවේදී එහි ගමන් ගත් තුන්දෙනෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories