Hirunews Logo
%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Wednesday, 16 May 2018 - 19:19
වෛද්‍ය වර්ජනය ස්ථිරයි
15

Shares
1,832

Views
සිංගප්පූරු - ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුමට විරෝධය පළ කරමින් හෙට සිදුකිරීමට නියමිත එක්දින වර්ජනයේ වෙනසක් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ කියා සිටියේ මෙම ගිවිසුම මෙරටට දැඩි අහිතකර බලපෑම් එල්ල කරනු ඇති බවයි.

මේ අතර සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද කොළඹ අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඊට එක්වෙමින් එහි සභාපති වෛද්‍ය ගිශාන්ත දසනායක කියා සිටියේ සිංගප්පූරු - ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුමට විරෝධය පළ කරමින් ජනතාව සමඟ එක්ව අරගල කරන බවයි.

මේ අතර නව සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය හෙට මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

එහි සභාපති අරුණ කණුගල හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ හෙට මධ්‍යම රාත්‍රියේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉදිරිපිට නිහඩ විරෝධතාවක්ද පැවැත්වීමට සූදානම් කර ඇති බවයි.

ගුවන් තොටුපල සහ වරාය ආගමන - විගමන නිලධාරීන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්වන බව ඔහු සඳහන් කළා.

මේ අතර දිගුකාලීන විදුලි ජනන සැලැස්මට මහජන උපයෝගී කොමිසම මෙතෙක් අනුමැතිය ලබානොදීමට විරෝධය පළ කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය දියත් කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයද මේ වනවිටත් ක්‍රියාත්මකයි.

එමෙන්ම අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ හයනමක් අද පස්වරුවේ ලිප්ටන් වටරවුමේදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

ඔවුන් කොළඹදී අද විරෝධතා පා ගමනක නිරතවීමෙන් අනතුරුවයි මෙලෙස සත්‍යග්‍රහයක් ආරම්භ කළේ. සරසවි විෂය මාලාවේ බෞද්ධ දර්ශනය විෂය කප්පාදු කිරීමට එරෙහිව මෙම සත්‍යග්‍රහය ආරම්භ කළ  බවයි අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් කියා සිටියේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රෑ පිපුණු නෙළුමේ අසිරිය
Thursday, 06 December 2018 - 7:38
නෙළුම් කුළුණ පූර්ණ ලෙස ආලෝකමත් වූ අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු... Read More
News Image
Hiru News Programme Segments
5,389 Views
9,645 Views
8,790 Views
8,932 Views
1,327 Views
55,829 Views
Top