Hirunews Logo
%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B6%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
Friday, 18 May 2018 - 12:40
මැලේසියාවේ හිටපු අගමැතිගේ නිවහනක මුදල් හා වටිනා භාණ්ඩ රැසක්
1,088

Views
මැලේසියානු පොලිසිය එරට හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ගේ සුඛෝපබෝගී නිවහනකින් සුඛෝපබෝගි භාණ්ඩ සහ මුදල් විශාල තොගයක් සොයා ගෙන තිබෙනවා.

ඒවා ඉතා ඉහළ මිලක් සහිත අත්බෑග්වල අසුරා තිබූ බව සඳහන්.

නජීබ් රසාක්ට අග්‍රාමාත්‍ය ධුරය අහිමිවූ දිනයේ අගමැති නිවහනේ සිට එහි නිල වෑන් රථයකින් පෙට්ටි තොගයක් ක්වාලාලම්පූර් අගනුවර සුඛෝපබෝගී නිවහනක් වෙත රැගෙන ගිය බව වාර්තා වුණා.

නජීබ් රසාක්ගේ පවුලේ සාමාජිකයින් භාවිත කරන එම නිවහනේ තිබී අදාළ මුදල් සහ සුඛෝපබෝගී භාණ්ඩ සොයා ගෙන ඇත්තේ එරට පොලීසිය සිදුකළ හදිසි මෙහෙයුමකින්.

හිටපු අගමැති නජීබ් රසාක් ‘‘වන් - එම්.ඩී.බී’’ හෙවත් මැලේසියා සංවර්ධන අරමුදල නමින් අරමුදලක් පිහිටුවා ඩොලර් මිලියන 700 කට වැඩි මුදලක් සිය පෞද්ගලික ගිණුම්වලට හරවා ගත් බවට චෝදනා එල්ල වනවා.

නැවත මැලේසියානු අග්‍රාමාත්‍ය ධුරය හිමිකර ගත්, මහතීර් මොහොමඩ්, නජීබ් රසාක්ට රටින් පිටවීම තහනම් කරමින් අදාළ චෝදනා පිළිබඳ සොයා බැලීමට සූදානම්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අයහපත් වූ කාලගුණය
Tuesday, 22 May 2018 - 16:10
දින තුනක සිට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් 14,432 කට අයත් පුද්ගලයන් 52,380 දෙනෙකු... Read More
News Image
Hiru News Programme Segments
303 Views
672 Views
3,440 Views
2,143 Views
19 Views
30,062 Views
Top