Hirunews Logo
%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%86%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9
Friday, 18 May 2018 - 12:55
ඇමති ආවත්, ආගමන විගමන නිලධාරින් තවමත් අකුරට වැඩ
10

Shares
1,227

Views
ආගමන විගමන නිලධාරින් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි.

සේවා ව්‍යවස්ථා සම්පාදනය කිරීම් ඇතුලූ ප්‍රධාන ඉල්ලීම් 3 ක් මුල් කර ගනිමින් ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කෙරුණා.

අද පෙරවරුවේ අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී.නාවින්න ගුවන්තොටුපල පරිශ්‍රය වෙත පැමිණ තමන් සමඟ සාකච්ඡාවක නිතර වූ බවයි ආගමන විගමන නිලධාරින් සඳහන් කළේ.

ආගමන විගමන නිලධාරින්ගේ ගැටලූ සම්බන්ධයෙන් පාලනාධිකාරිය සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන බවයි විෂය භාර අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත්, තම ගැටලූවලට විසඳුම් ලබාදෙනතුරු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව ආගමන විගමන නිලධාරින්ගේ සංගමයේ සභාපති අරුණ කණුගල හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.  

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් නියමිත වේලාවට පැය 3 කට පෙර ගුවන්තොටුපලට පැමිණෙන ලෙසයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම අද දිනයේත් මගීන්ගෙන් ඉල්ලීමක් කරනු ලැබුවේ.  
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
නැඳුන්ගමුවේ රාජා නුවර යන අතරමඟ
Saturday, 18 August 2018 - 18:00
නැඳුන්ගමුවේ රාජා හස්තියා මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පෙරහැරේ දළදා කරඩුව වැඩම කරවීම... Read More
News Image
Hiru News Programme Segments
144 Views
883 Views
6,018 Views
5,639 Views
176 Views
41,888 Views
Top