මගීන් 35 දෙනෙකුගේ ජීවිත බේරා අවසන් ගමන් ගිය බස් රථ රියදුරා

Tuesday, 22 May 2018 - 9:30

%E0%B6%B8%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+35+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8F
මගීන් 35 දෙනෙකුගේ ජීවිත රැකදෙමින් මිය ගිය බස් රථ රියදුරෙකු පිළිබඳ තොරතුරු හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.

අනුරාධපුරයේ සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථ රියදුරෙකුට ඊයේ (21) මහවෙල - කවුඩුපැලැල්ල ප්‍රදේශයේදී හදිසි හෘදයාබාධයක් ඇතිව තිබෙනවා.

පසුව එම රියදුරා බස් රථය ඒ ආසන්නයේ ඇති පස් කණ්ඩියකට හේත්තු වන සේ නතර කොට සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

හදිසියේ හෝ බස් රථය පාලනය කරගත නොහැකි වූයේ නම් මගීන් 35 දෙනෙකු සමඟ එම බස් රථය ප්‍රපාතයට පෙරළීමට ඉඩකඩ තිබූ බවටයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත්, එම අවස්ථාවේදී බස් රථයේ රියදුරු මගීන්ගේ මැදිහත්වීමෙන් රෝහල් ගතකිරීමට කටයුතු කළද ඔහු ඒ වනවිටත් මියගොස් සිට තිබෙනවා.

55 හැවිරිදි මෙම රියදුරා අනුරාධපුර - සාලියපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories