Hirunews Logo
%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB
Wednesday, 13 June 2018 - 16:57
ආනයනික පළතුරු සඳහා වන බදු ඉහළ දැමීමට පියවර
47

Shares
5,709

Views
ආනයනික පළතුරු සඳහා අය කෙරෙන බදු ඉහළ දැමීමට ඉදිරියේදී පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

දේශීය පළතුරු ගොවියා රැක ගැනීම වෙුනවෙන් මෙම තීරණය ගන්නා බවයි තලවිල ග්‍රාම ශක්ති නිෂ්පාදන ගම්මානයේ නිරීක්ෂණයකට එක්වෙමින් ජනාධිපතිවරයා කියාසිටියේ.

මෙහිදී තලවිල ප්‍රදේශයේ ජනතාව දීර්ඝ කාලයක් පුරා තමන් මුහුණදෙන ගැටලු පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ ජල හිගය, විදුලිය පිළිබඳ ගැටලු, ප්‍රවේශ  මාර්ග පහසුකම්, කෘෂි ආම්පන්න හිගය සහ තම නිශ්පාදන අලෙවි කර ගැනීමේ දී මතුව ඇති ගැටළු ඒ අතර වන බවයි.

ප්‍රදේශයේ විදුලිබල ගැටළුවලට ස්ථිර විසඳුමක් ලබාදීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාවට නංවන බව මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී සඳහන් කළා.

එමෙන්ම තම පළතුරු නිශ්පාදන සඳහා නිසි මිලක් නොලැබීමේ ගැටලුව පිළිබඳව ද තලවිල ප්‍රදේශයේ පළතුරු ගොවීන් ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා.

එහිදී ඔවුන් ඉල්ලා ඇත්තේ පළතුරු ආනයනය හේතුවෙන් තම කර්මාන්තයට එල්ලවී ඇති අභියෝගයට විසඳුමක් ලබාදෙන ලෙසටයි.

පළතුරු හා කෘෂිකර්ම නිෂ්පාදන ආනයනය පිළිබඳ නිසි පියවර ඉදිරියේදී ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා එහිදී කියාසිටියා.

ඒ අනුව දේශීය පළතුරු ගොවියා රැක ගැනීම වෙනුවෙන් ආනයනික පළතුරු සඳහා බදු ඉහළ දැමීමට පියවර ගන්නා බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ.

මේ අතර, ග්‍රාමශක්ති වයඹ පළාත් මෙහෙයුම් කමිටුවටද ජනාධිපතිවරයා අද එක්වුණා. එහිදී කල්පිටිය ආශ්‍රිත දූපත් 13 ක සංවර්ධන කටයුතුවලට අදාළ සැලැස්ම කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී.නාවින්නට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උපදෙස් ලබාදී තිබෙනවා.

එම අවස්ථාවට වයඹ පළාතේ පළාත්පාලන ආයතනවල සභාපතිවරු මෙන්ම පොදුජන පෙරමුණ නියෝජනය කරන නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියා.

ඉන් අනතුරුව කල්පිටිය - මොහොට්ටුවාරම කෘෂි නිෂ්පාදන ගම්මානයට ගොස් ගොවීන්ගේ ගැටළු පිළිබඳව අවධානය යොමු කළ අතර, පුලිච්චාකුලම ජල පිරිපහදු යන්ත්‍රාගාරයද විවෘත කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
509 Views
3,509 Views
7,261 Views
7,163 Views
125 Views
48,099 Views
Top