පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

Monday, 18 June 2018 - 16:04

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් භාර ගැනීමට ලබාදී තිබූ කාලය දීර්ඝ කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ජුලි 10 වන දා දක්වා අයදුම් පත් භාර ගැනීම සඳහා කාලය දීර්ඝ කර ඇති බවයි.

තැපැල් සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් අදාළ තීරණයට එළඹුණු බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ.

මේ අතර, තැපැල් සේවක වෘත්තීය සමිති නියෝජිතයින්, බලධාරීන් සමඟ අද පැවැත්වූ සාකච්ඡා ද අසාර්ථක වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories