Hirunews Logo
%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
Wednesday, 11 July 2018 - 15:59
දින දෙකක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
4

Shares
550

Views
දිස්ත්‍රික් 8 ක් මුලික කර ගනිමින් දෙදිනක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට සහ අනිද්දා කොළඹ, ගම්පහ, මහනුවර, කලුතර, යාපනය, වව්නියාව, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්වල වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇති.

මෙම  දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි හඳුනාගත් වැඩි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 52 ක කණ්ඩායම් 880 ක සහභාගීත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ඩෙංගු මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය කටයුතු සැලසුම් කර තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කළේ දැනට සක්‍රියව පවතින නිරිතදිග මෝසම් වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන් වාර්තා වීමේ කාලීන වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බවයි.

එය 2017 වසරේ මෙම කාලය සමග සැසඳීමේ දී සැලකිය යුතු අඩුවීමක්.

කෙසේවෙතත් පවතින වැසි තත්වයත් සමග මදුරුවන් බෝවිය හැකි ජලය රැඳුනු ස්ථාන සුලබව පවතින බැවින් ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම ඉහළගොස් තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,817 Views
6,765 Views
8,079 Views
8,195 Views
692 Views
52,304 Views
Top