Hirunews Logo
%E0%B6%AF%E0%B7%8F%E0%B6%BB%E0%B6%BD%E0%B7%96%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
Wednesday, 11 July 2018 - 17:14
දාරලූවේදී දිවි නසාගත් තරුණියන් ගැන තවදුරටත් පරික්ෂණ
459

Shares
55,180

Views
ගම්පහ - දාරලූව ප්‍රදේශයේදී තරුණියන් දෙදෙනෙකු දුම්රියට ගෙළ තබා දිවි හානිකරගැනීමට එක් තරුණියකගේ නිවසක ඇතිවූ ආරවුලක් මූලික වී ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

ඔවුන් දිවි හානිකරගත් ස්ථානයේ තිබී එක් තරුණියක් තම මවට ලියන ලද ලිපියක් ද පොලීසිය සොයාගත්තා.

මෙලෙස දිවි නසාගෙන තිබුණේ මිනුවන්ගොඩ - පොල්වත්ත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක් සහ මීගමුව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක්.

ඊයේ රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියට රාත්‍රී 8.45 ට පමණ ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේදී මොවුන් දෙදෙනා ගෙළ තබා සියදිවි හානිකරගෙන තිබු බව සඳහන්.

ඔවුන් දෙදෙනා කටුනායක ප්‍රදේශයේ එකම ඇඟලූම් කම්හලක සේවයේ නිරතවී ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

මේ අතර එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍රයක්, ගමන් බෑගයක්, සේවා හැඳුනුම්පතක්, යතුරක් සහ එකම වර්ගයේ ජංගම දුරකථන දෙකක් පොලිසියට හමුවී තිබුනා.

ගම්පහ පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,792 Views
930 Views
6,639 Views
6,463 Views
15 Views
45,045 Views
Top