Hirunews Logo
%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
Thursday, 12 July 2018 - 15:18
ඉන්ධන මිල වැඩිවීම ගැන හිටපු ජනපති පැහැදිළි කිරීමක් ඉල්ලයි
36

Shares
4,375

Views
දේශීය ඉන්ධන මිල අසාමාන්‍ය ආකාරයට වැඩි වීම සම්බන්ධයෙන් රජය ජනතාවට පැහැදිලි කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියාසිටියේ මිල වැඩිවීම සාධාරණීකරනය කිරීමට මිල සුත්‍රයක් පිළිබඳ කතා කළ ද කිසිවෙකු එවැනි සූත්‍රයක් දැක නොමැති බවයි.

රජය සූදානම් වන්නේ ඉන්ධන මිල නිරතුරුව අඩු වැඩි කිරීම තුලින් වසර අවසානය වන විට ඉන්ධන අලෙවියෙන් වැඩි ආදායමක් ලබාගැනීමට බවට හිටපු ජනාධිපතිවරයා චෝදනා කරනවා.

සති 8 ක පමණ කාලයක් තුල දෙවන වරටත් ඉන්ධන මිලේ වැඩි වීමක් සිදුවූ පළමු අවස්ථාව ද මෙය විය හැකි බව ද මහින්ද රාජපක්ෂ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර, ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව ජනතාව විමුක්ති පෙරමුණ අද මහරගම නගරයේ විරෝධතාවයක් ද පවත්වනු ලැබුවා.

එමෙන්ම, ජාතික නිදහස් පෙරමුණ ද කොළඹදී අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් කියා සිටියේ ඉන්ධන මිල සූත්‍රය නිර්මාණය කර ඇත්තේ මිල වැඩි කිරීම සදහා පමණක් බවයි.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,998 Views
7,012 Views
8,152 Views
8,263 Views
774 Views
52,588 Views
Top