අධිකරණයට අපහාස කළැයි ඥානසාර හිමිට එරෙහිව නඩුවේ තීන්දුව අගෝස්තු 8

Wednesday, 18 July 2018 - 10:56

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%8F%E0%B7%83+%E0%B6%9A%E0%B7%85%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A5%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+8
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ  මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ තීන්දුව ලබන මස 08 වනදා ලබාදීමට අභියාචනාධිකරණය අද දින නියම කළා.

ඒ මෙම නඩුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද නඩු විභාගය සිදුවන අවස්ථාවේ අධිකරණයට පැමිණ සිටි බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.

පසුගිය නඩු වාරයේදී අභියාචනාධිකරණය කළ දැනුම් දීමට අනුව විත්තිකාර ඥානසාර හිමියන්ගේ නීතිඥවරුන් මෙම පෙත්සමට ලිඛිත දේශන ගොනු කර ඇති බව අද දැනුම් දී තිබුණා.

ඒ අනුවයි මෙම පෙත්සමේ තීන්දුවට දින නියම කරනු ලැබුවේ.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් පැවති නඩුව අවස්ථාවේදී අධිකරණශාලාව තුල කලහකාරි ලෙස හැසිරුණු බවට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට චෝදනා එල්ල වුණා.

මෙම ක්‍රියාව මගින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇත්දැයි විභාගයක් පවත්වා ඒ පිළිබඳව පියවර ගන්නා ලෙස එවකට හෝමාගම මහේස්ත්‍රාත්වරයාව කටයුතු කළ වර්තමානයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක අභියාචනාධිකරණයට දැනුම් දී තිබුණා.

ඒ අනුවයි නීතිපතිවරයා විසින් කරුණු සලකා බලා 2016 වසරේ ජනවාරි 25 වනදා හෝ ඊට ආසන්න දිනයක තමන්ට කිසිදු සම්බන්ධයක් නොමැති නඩුවකදී අධිකරණයේ ගෞරවයට අභියෝග කිරීම සහ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරිමේ නඩුවේ සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙසට කිසිදු අවසරයකින් තොරව ඉල්ලීම ඇතුළු චෝදනා 04ක් යටතේ මෙම නඩුව ගොනු කරනු ලැබුවේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories