ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික ඉයන් පේස්ලිගේ මන්ත්‍රී ධුරය අත්හිටුවයි

Thursday, 19 July 2018 - 12:59

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%89%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ලක් රජයේ අනුග්‍රහය මත ශ්‍රී ලංකාවේ සංචාරය කළ බවට චෝදනා එල්ල වූ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පේස්ලි ජූනියර්ගේ මන්ත්‍රී ධූරය මසක කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව සිය පවුලේ සාමාජිකයින් සමඟ 2013 වසරේදී මෙරට සංචාරය කළ බවටයි ඔහුට චෝදනා එල්ලවුණේ.

ඒ සඳහා ලක් රජය පවුම් ලක්ෂයක මුදලක් වියදම් කර ඇති බවටද මීට පෙර අනාවරණය වුණා.

පසුව මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කමිටුවක් විමර්ශණයක් සිදුකළ අතර එමඟින් තීරණය කර ඇත්තේ සැප්තැම්බර් 04 වනදා සිට මසක කාලයක් ඉයන් පේස්ලි ජූනියර්ගේ මන්ත්‍රී ධුරය අත්හිටුවිමටයි.

ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් වූ යෝජනාවට විරුද්ධ වන ලෙස ඉල්ලා 2014 වසරේදී එවකට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාව සිටි ඩේවිඩ් කැමරන්ට ලිපියක් ද යොමු කළේ ඉයන් පේස්ලි ජූනියර් විසින්.

ලක් රජයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී ඔහු එවකට පැවති මහින්ද රාජපක්ෂ රජයේ ඉහල පෙලේ නියෝජිතයන් ද මුණ ගැසී ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය මීට පෙර වාර්තා කළා.

කෙසේ වෙතත් මොහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය මසක කාලයක් සඳහා අත්හිටුවීමත් සමඟ බ්‍රිතාන්‍ය අගමැතිණි තෙරේසා මේ අර්බුදයකට මුහුණ දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

ඇගේ රජයේ සහයක පක්ෂයක් නියෝජනය කරන ඉයන් පේස්ලි නියෝජනය කරන මැතිවරණ බල ප්‍රදේශය සඳහා එහි ඡන්දදායකයින් පිරිසක් අතුරු මැතිවරණයක් ඉල්ලා සිටීම ඊට හේතුව වී තිබෙනවා.

ලබන නොවැම්බර් මාසයේදී  බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ඡන්ද විමසීමක්ද පැවැත්වෙන අතර, ඉයන් පේස්ලිගේ මන්ත්‍රි ධුරය අත්හිටුවීම ඡන්ද ප්‍රතිඵලය කෙරෙහි අහිතකර අන්දමින් බලපානු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories