දුම්රිය තාක්ෂණ නිලධාරීන් හෙට සිට අකුරට වැඩ

Saturday, 21 July 2018 - 14:10

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9
දුම්රිය තාක්ෂණ නිලධාරින් සහ තාක්ෂණ සහයක ශිල්පීන් හෙට (22) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැරසෙනවා.

ඒ සිය වෘත්තීය ගැටළු කිහිපයක් මුල් කරගනිමින්.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ප්‍රමාදවීම් සහ දුම්රිය අවලංගු වීම් සිදුවිය හැකි බවයි දුම්රිය තාක්ෂණ කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව්.බී.එස්. කමල් පීරිස් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර රජය ක්‍රියාත්මක කර ඇති ඉන්ධන මිල සූත්‍රයට අනුව එළඹෙන 10 වනදා යළි ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදුවනු ඇති.

මෙලෙස ඉන්ධන මිලෙහි සිදුවන වෙනස්වීම් හේතුවෙන් තම වෘත්තිය කටයුතු සිදුකරගෙන යාමට නොහැකිවී ඇති බවයි ත්‍රිරෝද රථ පාසල් සහ කාර්යාල ප්‍රවාහන සේවා වෘත්තියන් ප්‍රකාශ කරන්නේ.

ඒ අනුව ඉන්ධන සහනාධාරයක් ලබාදීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් පෞද්ගලික අංශයේ සියලුම ප්‍රවාහන සේවා ඉදිරියේදී වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම්.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories